නින්ද සහ ආහාරපාන ඉගැනීමට බලපාන්නේ කොහොමද?

විභාග කාලයේදී නින්ද අඩු කරලා, උදේ කෑම මඟහරින එක ඇත්තටම ප්‍රතිඵලවලට හොඳද? මේ ගැන පර්යේෂණ මොනවද කියන්නේ කියලා බලමු.


නින්ද සහ ආහාරපාන ඉගැනීමට බලපාන්නේ කොහොමද?

විභාග කාලේට කොච්චර වතාවක් අහලා තියෙනවද "අද රෑ නොනිදාම ඉගෙන ගමු" කියලා? හැමෝම එක වතාවක් හරි ඒක try කරලා තියෙනවා. පාඩම් වැඩිය කරනවා නම් ලකුණුත් වැඩි වෙනවා කියලා හිතෙනවා, ඒත් ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි.

මොළේ වැඩ කරන විදිහ ටිකක් වෙනස්. ඔයා කොච්චර පැය ගාණක් පොත් අරන් ඉන්නවද කියන එකට වඩා, ඒ ඉගෙන ගත්ත දේවල් මොළේ හොඳට ගැලපෙන්නද, මතක තියෙන්නද කියන එකයි වැදගත්. ඒකට නින්දයි කෑමයි ලොකු බලපෑමක් කරනවා කියලා පර්යේෂණ ගොඩක් කියනවා. ඒ ගැන කෙටියෙන් බලමු.

නින්ද කියන්නේ නිකං වේලාව නාස්ති කරන එකක් නෙවෙයි

විභාග කාලේ පාඩම් වැඩිය කරන්න නින්ද අඩු කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒක අනිසි විදිහට ප්‍රතිඵලයට බලපානවා කියලා පර්යේෂණවලින් පේනවා.

එක පර්යේෂණයක් කරලා තියෙන්නේ සරසවි සිසුන් කාණ්ඩයක්ව මාස කිහිපයක් full time watch එකක් වගේ device එකකින් track කරලා. ප්‍රතිඵලය? හොඳට, ටිකක් වැඩිය වේලාවක්, regular විදිහට නිදාගත්තු අය තමයි වැඩිම ලකුණු ගත්තෙ. ලකුණුවල වෙනසෙන් හතරෙන් එකකටම විතර හේතුව නින්ද වෙලා තියෙනවා. විශේෂ දෙයක් තමයි, විභාගෙට කලින් රෑ නිදාගත්තු එක නෙවෙයි ලොකු වෙනස හදුනාගත්තෙ - කලින් සති කීපයක ඉඳන් නිතිපතා නිදාගත්ත එකයි වැදගත් වුනේ.

මේවගේම තවත් සොයාගැනීම් තියෙනවා:

ඉතින් "විභාගෙට කලින් රෑ නොනිදා ඉගෙනගමු" කියන strategy එක, data එකෙන් support වෙන්නෙ නෑ. ඇත්තටම වැඩ කරන්නෙ, විභාගෙට සති කිහිපයකට කලින් ඉඳන් නිතිපතා, regular විදිහට නිදාගන්න එකයි. මේ අපි කියන්න හදන්නෙ නිදාගත්තම ඔක්කොම හරි කියන එක නෙවෙයි. එක් ප්‍රමාණවත් නින්දක් අත්‍යවශයයි කියන එක.

උදේ කෑම මඟහරින එකෙන් ලාභයට වඩා අලාභයයි

උදේ කෑම කාලා පාසැල් ගිය teenagers ලා, කෑම මඟහැරලා ගිය අයට වඩා concentration ඕන වැඩේවල් වලට හොඳින් වැඩ කරලා තියෙනවා. කුඩා ළමයි සහ teenagers ලා ගැන කරපු study ගොඩක් එකතු කරලා බැලුවම, උදේ කෑම කාපු පසු පැය කීපයක් ඇතුළත focus එකයි, memory එකයි වැඩිවෙනවා කියලා පොදුවේ පේනවා. උදේ කෑම කන සිසුන්ට cognitive performance එකයි, exam results එකයි, general wellbeing එකයි වඩා හොඳයි.

ඉතින් උදේ කෑම එක magic නෙවෙයි, ඒත් "විනාඩි 20ක් ඉතුරු කරගමු" කියලා උදේ කෑම මඟහරින එක, ඇත්තටම ඔයාටම විරුද්ධව වැඩ කරන දෙයක් වගේ පේනවා.

ඉතින් මොකද කරන්න ඕන?

සිලබස් cover කරන්න ඕන කියන එක වෙනස් වෙන්නෙ නෑ. ඒක අනිවාර්යයෙන් කරන්නම ඕන. ඒත් නින්දයි කෑමයි "study time" එකට කැපකරන දේවල් කියලා හිතන එක වැරදියි වගේ පේනවා. නින්ද මදි, බඩගිනි මොළයක් වැඩිය පැය ගණන් desk එකෙ ඉන්නවා කියලා දේවල් හොඳට තියෙන්නෙ නෑ.

අවශ්‍යය වෙන්නෙ හරි plan එකකට, ක්‍රමවත්ව අවබෝධයකින් යුතුව ඉගෙන ගැනීමයි. අන්තිම මොහොත වෙනකම් ඉන්නෙ නැතුව කල් ඇතුව පිලිවෙලකට වැඩ කිරීමයි.

ට්‍රයි කරන්න පුළුවන් සරල දේවල් කීපයක්:

පොඩි දෙයක් වගෙ පෙනුනට ලොකු ප්‍රයෝජනවත් එකක් වෙන්න පුළුවන්.

ගණිතය වගෙ විශයක් ක්‍රමවත්ව, පිළිවෙලකට සැහැල්ලුවෙන් හා අවබොධයකින් යුතුව ඉගෙනගන්න ඕනෙ නම් අපේ ගණිත පන්තියට එකතු වෙන්න →


මූලාශ්‍ර

  1. Okano, K., Kaczmarzyk, J.R., Dave, N., et al. (2019). Sleep quality, duration, and consistency are associated with better academic performance in college students. npj Science of Learning. https://www.nature.com/articles/s41539-019-0055-z
  2. (2025). Impact of Sleep Deprivation on Cognition and Academic Scores: A Three-Month Longitudinal Study Among Indian Medical Students. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC12465084/
  3. (2025). The effect of sleep quality on learning engagement of junior high school students: the moderating role of mental health. Frontiers in Psychology. https://www.frontiersin.org/journals/psychology/articles/10.3389/fpsyg.2025.1476840/full
  4. Association Between Sleep Quality and Academic Performance Among Undergraduate Medical Health Sciences Students: A Cross-Sectional Study. PMC. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC12494368/
  5. Peña-Jorquera, H., Campos-Núñez, V., Sadarangani, K.P., et al. (2021). Breakfast: A Crucial Meal for Adolescents' Cognitive Performance According to Their Nutritional Status. The Cogni-Action Project. Nutrients, 13(4), 1320. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8073030/
  6. The Effects of Breakfast and Breakfast Composition on Cognition in Children and Adolescents: A Systematic Review. ScienceDirect. https://www.sciencedirect.com/science/article/pii/S2161831322007475
  7. Effects of eating breakfast on children and adolescents: A systematic review of potentially relevant outcomes in economic evaluations. Food & Nutrition Research. https://www.foodandnutritionresearch.net/index.php/fnr/article/view/1618